ලබන වසරේ සිට බදු ක්‍රමය සරල කරන බවට රජයෙන් සහතිකයක්

රේගු බද්ද ඇතුළු සමස්ත බදු ක්‍රමය සරල කිරීමට ලබන වසරේ දී පියවර ගන්නා බව ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත ජයවීර මහතා පැවසුවේය.

ඩිජිටල් අත්සන් සහ කඩදාසි රහිත රේගු ප්‍රකාශන ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීම නිල වශයෙන් ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමින් ඊයේ (01) නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව හෙළි කළේය.

“ලබන වසරේදී අපේ බදු ක්‍රමය වඩාත් සරළ හා පහසු කිරීමට සැලසුම් කර තිබෙනවා. රේගු බද්දට අමතරව අය කරන වෙනත් බදු ඉවත් කර ක්‍රමානුකූලව බදු සරල කිරීමට අවශ්‍ය වෙනස්කම් සිදු කරනවා. අනෙකුත් ආයතනවලට ආදාළවත් එවැනි සරල ක්‍රම අනුගමනය කරනවා. තොරතුරු තාක්ෂණ පද්ධතිය ආයතනවලට බද්ධ කරගැනීම වේගවත් කරනවා. ඒ යන ගමනේ එක් සන්ධිස්ථානයක් ලෙස තමයි අද මේ ආරම්භ කරන ලද කඩදාසි රහිත රේගු ප්‍රකාශන ක්‍රමවේදය අපි දකින්නේ. රජයේ බලාපොරොත්තුව තමයි සියලුම රාජ්‍ය ආයතන සම්පූර්ණයෙන්ම ඩිජිටල්කරණයට ලක් කිරීම” නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website