අධිවේගී මාර්ගයේ ආසන පටි පැළඳීමේ නීතියෙන් නිදහස්  සහ අනිවාර්ය කවුද ?: රථවාහන පොලිසියෙන් විශේෂ දැනුම් දීමක්

වයස අවුරුදු 12 ට අඩු ළමුන්, උස සෙන්ටිමීටර 135 ට අඩු පුද්ගලයින් සහ ආසන පටි භාවිතයට එරෙහිව වෛද්‍ය නිර්දේශ ඇති පුද්ගලයින් අධිවේගී මාර්ග ආසන පටි පැළීමේ අනිවාර්ය නීතියෙන් නිදහස් කර ඇතැයි රථ වාහන පාලන සහ මාර්ග ආරක්ෂාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්. පී‍ ජේ. සේනාධීර මහතා පැවසුවේය.

නිදහස් කරන ලද මගීන්ට හැකි සෑම විටම සුදුසු ආරක්ෂක සීමාවන් භාවිතා කරන ලෙස ද ඔහු උපදෙස් දුන්නේය.

මේ අතර ඉංග්‍රීසි අක්ෂරය සහිත මෝටර් රථවල රියැදුරා සහ ඔහුට යාබද අසුනේ සිටින පුද්ගලයා අනිවාර්යයෙන්ම ආසන පටි පැළඳිය යුතු බව නියෝජ්‍ය පොලිස්පතිවරයා අවධාරණය කළේය.

මෝටර් රථයේ පසුපස ආසන වල සිටින පුද්ගලයින් ද ආසන පටි පැළඳීම වඩාත් ආරක්ෂාකාරී බව පසුගිය දිනවල සිදු වූ රිය අනතුරුවලදී තහවුරු වූ බව ද ඔහු පැවසුවේය.

විශේෂයෙන් වැසි කාලයේදී අවම වශයෙන් මීටර් 30-40ක ආරක්ෂිත දුරක් පවත්වා ගන්නා ලෙස ද මෝටර් රථ හිමියන්ට උපදෙස් දුන්නේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website