කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ, ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින් සැප්තැම්බර් මස 25 වන දින පෙ.ව 07.00 දක්වා වලංගු වන පරිදි අද (24) දින පෙ.ව 07.00 නිකුත් කරන ලද තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනය.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ දකුණු පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. මෙම ප්‍ර දේශවල ඇතැම් විට මිලිමීටර් 100කට අධික වැසි ඇති විය හැකි බව ද එම නිවේදනයේ වැඩි දුරටත් සදහන් වේ.












