පවතින වැසි අධික කාලගුණ තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක නවයකට අදියර එක සහ දෙක යටතේ නායයෑමේ අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය පියව රගෙන තිබේ.
අද (09) ප.ව 08.00ට නිකුත් කළ නිවේදනයකට අනුව, අදියර 02 (අවධානය – ඇම්බර්) නිවේදන නිකුත් කර ඇති දිස්ත්‍රික්ක සහ ප්‍රා.ලේ. කොට්ඨාශ වන්නේ,
- බදුල්ල දිස්ත්‍රික්කයේ පස්සර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය,
- කෑගල්ල දිස්ත්‍රිකයේ දැරණියගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය,
- නුවරඑළිය දිස්ත්‍රික්කයේ නිල්දන්ඩාහින්න, වලපනේ සහ අඹගමුව කෝරලේ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස.
අදියර 01 (විමසිලිමත් – කහ) නිවේදන නිකුත් කළ දිස්ත්‍රික්ක සහ ප්‍රා.ලේ. කොට්ඨාශ වන්නේ,
- මහනුවර දිස්ත්‍රික්කයේ දොළුව, පස්බාගේ කෝරළේ, උඩපළාත, යටිනුවර, තුම්පනේ, ගඟ ඉහළ කෝරළේ, උඩු නුවර සහ මිනිපේ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය,
- බදුල්ල දිස්ත්‍රික්කයේ ඇල්ල සහ මීගහකිවුල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය,
- කොළඹ දිස්ත්‍රික්කයේ පාදුක්ක සහ සීතාවක යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස,
- ගාල්ල දිස්ත්‍රික්කයේ තවලම, ඇල්පිටිය සහ කරන්දෙනිය යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස,
- කලුතර දිස්ත්‍රික්කයේ වලල්ලවිට, පාලින්දනුවර, ඉංගිරිය සහ බුලත්සිංහල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස,
- කෑගල්ල දිස්ත්‍රික්කයේ අරණායක, යටියන්තොට, බුලත්කොහුපිටිය, මාවනැල්ල, රුවන්වැල්ල, කෑගල්ල සහ වරකාපොල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස,
- නුවරඑළිය දිස්ත්‍රික්කයේ මතුරට, කොත්මලේ බටහිර, කොත්මලේ නැගෙනහිර සහ හඟුරන්කෙත යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස,
- මොණරාගල දිස්ත්‍රික්කයේ වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස,
- රත්නපුර දිස්ත්‍රික්කයේ කුරුවිට, කිරිඇල්ල, බලංගොඩ, ගොඩකවෙළ, රත්නපුර සහ කොළොන්න.










