නානුඔයේ ගිලෙන මිතුරා බේරා ගැනීමට ගිය මිතුරාත් දියේ ගිලී මරුට

නානුඔයට අයත් රදැල්ල ග්ලාස්ගෝ වතුයායේ ඇළේ දිය නෑමට ගිය තරුණයන් දෙදෙනෙකු අද (05) දියේ ගිලී මියගොස් ඇති බව නානුඔය පොලිසිය පැවසුවේය.

මිය ගිය තරුණයින් දෙදෙනා නානු ඔය එඩින්බරෝ වතු යායේ සහ හපුතලේ පදිංචිකරුවන් බව ද ඔවුන් 23 සහ 24 වැනි වියේ පසුවන බව ද පොලිසිය වැඩි දුරටත් සඳහන් කළේය.

මිය ගිය තරුණයින් දෙදෙනා පෙරුමාල් තිවාකරන් සහ අමලගන් ඩික්සන් ලෙස හඳුනාගෙන තිබේ.

සිය මිතුරා පෙරුමාල් දියේ ගිලී යනු දැක අමලගන් ඔහුව බේරා ගැනීමට තැත් කර ඇති අතර පසුව දෙදෙනාම දියේ ගිලී ඇති බව පොලිසිය පැවසුවේය.

නානුඔය පොලිස් නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් එක්ව පසුව ඇළේ ගැඹුරු කොටසකින් තරුණයන් දෙදෙනාගේම මළ සිරුරු සොයා ගෙන ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය අඛණ්ඩව පරීක්ෂණ පවත්වයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website