අද (05) දින සිට ක්රියාත්මක වන පරිදි ලිට්රෝ ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල අඩු කිරීමට ලිට්රෝ ගෑස් ලංකා සමාගම පියවර ගත් බව සමාගම නිකුත් කළ නිවේදනයක සඳහන් වේ.
නව මිල අඩු කිරීම් අනුව,
- කිලෝග්රෑම් 12.5 සිලින්ඩරයක මිල රුපියල් 100කින් අඩු කර ඇති අතර නව මිල රුපියල් 4,365කි.
- කිලෝග්රෑම් 5 සිලින්ඩරයක මිල රුපියල් 42 කින් අඩු කර ඇති අතර නව මිල රුපියල් 1,750කි.
- කිලෝග්රෑම් 2.3 සිලින්ඩරයක මිල ද රුපියල් 20 කින් අඩු කර රුපියල් 815කි.















