කතරගම වන්දනාවේ පැමිණි පුද්ගලික බස් රථයකට බුත්තලදී වන අලි ප්‍රහාරයක්

අනතුරින් තුවාල ලැබූ පුද්ගලයින් ප්‍රතිකාර සඳහා කතරගම රෝහලට ඇතුළත් කර තිබේ.

කතරගම පොලිස් වසමේ, කතරගම – බුත්තල මාර්ගයේ විදුලි වැට මුරපොළ ආසන්නයේදී මෙම අනතුර සිදුව ඇත.

වන අලියාගේ ප්‍රහාරයට ලක් වූ බස් රථය හලාවත සිට කතරගම වන්දනාවේ පැමිණි පිරිසක් රැගත් පෞද්ගලික බස් රථයක් බව කී පොලිසිය, වනඅලි ප්‍රහාරය හේතුවෙන් බස් රථය මාර්ගයෙන් ඉවතට පැන පෙරළී ගොස් ඇති බව ද සඳහන් කළේය.

අනතුරු සිදුවන අවස්ථාවේ බස් රථයේ පුද්ගලයින් 40 දෙනෙකු පමණ සිට ඇත.

රෝහල්ගත කළ තුවාලකරුවන්ගේ තත්ත්වය බරපතළ නොවන බව රෝහල් ප්‍රකාශකයෙක් පැවසුවේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website