පාස්කු ඉරිදා නඩුවේ ත්‍රිපුද්ගල මහාධිකරණ තීන්දුව ප්‍රකාශයට පත්කරන දින දෙයි

නඩුව විභාග කරන ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් අද (24) මෙම තීරණය ප්‍රකාශයට පත් කරන ලදී.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ කුමන්ත්‍රණය කිරීම, ආධාර කිරීම සහ අනුබල දීම, අවි සහ පතොරම් එකතු කිරීම සහ මිනීමැරීමට තැත් කිරීම ඇතුළු චෝදනා 23,270 ක් නීතිපතිවරයා විසින් විත්තිකරුවන් 25 දෙනාට එරෙහිව ගොනු කර තිබුණි. මෙම නඩුවේ විත්තිකරුවන් විසින් තමන්ගේ විත්තිවාචක ඉදිරිපත් කිරීම පසුගිය 17 වැනිදා කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ ආරම්භ කළේය.

නවරත්න මාරසිංහ, රාමනාදන් කන්නන් සහ සුජීව නිශ්ශංක යන විනිසුරුවරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම විත්තිවාචක ඉදිරිපත් කිරීම සිදුවේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website