විනිසුරුවරුන්ගේ ව්‍යවස්ථාපිත විශ්‍රාම වයස ඉහළ දැමීම අරමුණු කර ගත් 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකළ පෙත්සම් සංඛ්‍යාව 21 දක්වා ඉහළ ගොස් ඇත.
මෙම පනත් කෙටුම්පත මහජන ස්වෛරීභාවයට සහ අධිකරණයේ ස්වාධීනත්වයට බලපෑම් කළ හැකි බවට චෝදනා කරමින් මෙම පෙත්සම් ගොනුකර ඇත.
තරුණ නීතිඥ සංගමය, විනිවිද පදනමේ භාණ්ඩාගාරික සුනිල් ජයසුන්දර, ආචාර්ය අජන්තා පෙරේරා, නීතිඥ ශිරාල් ලක්තිලක විසින් අද (24) දිනපෙත්සම් ගොනු කර ඇත.














