රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල නිවාඩුව සම්බන්ධයෙන් නිවේදනයක්

2026 වර්ෂය සඳහා රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල තෙවන පාසල් වාරයේ පළමු අදියර (සිංහල හා දෙමළ පාසල් සඳහා) හෙට (07) දිනයෙන් අවසන් වන බවත් මුස්ලිම් පාසල් සඳහා සැප්තැම්බර් මස 2 වන දින අවසන් වන බවත් අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

සියලුම පාසල් සඳහා තෙවන පාසල් වාරයේ දෙවන අදියර සැප්තැම්බර් මස 7 වන සඳුදා දින ආරම්භ වීමට නියමිත අතර, දෙසැම්බර් 4 වන දින තෙවන පාසල් වාරය අවසන් වන බව ද එම නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website