2026 අපොස සාපෙළ උපකාරක පංති තහනම් කිරීම ගැන දැනුම් දීමක්

දෙසැම්බර් 08 වන ආරම්භ වීමට නියමිත 2026 අපොස සාපෙළ විභාගය හේතුවෙන් 2026 අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින අපේක්ෂකයින් සඳහා උපකාරක පන්ති දෙසැම්බර් 2 වන දින මධ්‍යම රාත්‍රියේ සිට විභාගය අවසන් වන තෙක් තහනම් කරන බව විභාග කොමසාරිස් ජනරාල්වරයා නිකුත් කළ නිවේදනයක සඳහන් වේ.

දෙසැම්බර් 8 වන දින ආරම්භ වීමට නියමිත විභාගයට සූදානම් වීම සඳහා පවත්වනු ලබන විෂය ආශ්‍රිත දේශන, සම්මන්ත්‍රණ සහ වැඩමුළු සඳහා ද මෙම තහනම අදාළ වන බව මෙම නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website