පුද්ගලික මූල්‍ය ආයතනයක ආයෝජනය කළ මුදල් වංචා කළ අධ්‍යක්ෂ අත්අඩංගුවට – දැනටමත් පැමිණිලි 91ක් ලැබිලා

පුද්ගලික මූල්‍ය ආයතනයක අයෝජනය කළ මුදල් එම ආයතනයේ අධ්‍යක්ෂක මණඩලයේ කිහිපදෙනෙකු විසින් වංචා කළ සිද්ධියක් සම්බන්ධව විමර්ශන සිදුකරන මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශය, වංචා කළ මුදලින් මිලියන 02 ක මුදලක් වංචා කිරීම සම්බන්ධයෙන් එම ආයතනයේ අධ්‍යක්ෂකවරයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු වයස අවුරුදු 44 ක් වන කැස්බෑව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මෙම වංචාව සම්බන්ධයෙන් මේ වනවිට මූල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන අංශය වෙත ලිඛිත පැමිණිලි 91 ක් පමණ ලැබී ඇති අතර වංචා කර ඇති මූල්‍යමය වටිනාකම රුපියල් බිලියන 04කට ආසන්න ප්‍රමාණයක් බව තහවුරු වී ඇත.

මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශයේ මූල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන අංශය මගින් තවදුරටත් විමර්ශන ක්‍රියාත්මකයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website