පසුගිය නොවැම්බර් 26 වන දින දකුණු කොරියාවේ හ්වාසොන්ග්-සි හි සිදුවූ රිය අනතුරකින් ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකු මිය ගිය බව සෝල් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය නිකුත් කළ නිවේදනයක සඳහන් වේ.
නොවැම්බර් 26 වන දින රාත්‍රී 9.00 ට පමණ හ්වාසොං-සි හි ජන්ගන්-මියොන් හි සිදු වූ අනතුරකින් ශ්‍රී ලාංකික ජාතිකයන් දෙදෙනා මිය ගිය බව නොවැම්බර් 27 වන දින හ්වාසොං සියොබු පොලිස් ස්ථානයෙන් තානාපති කාර්යාලයට දැනුම් දී ඇති බව ද ඒම නිවේදනයේ සඳහන් වේ.
මියගොස් ඇත්තේ ගොඩකවෙල, රන්වල පදිංචි 39 හැවිරිදි දෙහිපිටිය විදානේලාගේ අනිල් කුමාර විජේරත්න නම් පුද්ගලයෙක් සහ වලපනේ, හල්ග්‍රන්ඔය පදිංචි 31 හැවිරිදි මහේෂ්වරන් ප්‍රසන්තන් යන අයෙකි.
මියගිය අයගේ දේහයන් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට ඔවුන්ගේ පවුල්, විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය සහ අදාළ දකුණු කොරියානු බලධාරීන් සමඟ සම්බන්ධීකරණයෙන් කටයුතු කරමින් සිටින බව ද තානාපති කාර්යාලය පැවසීය.
“මෙම අනතුර 26 වනදා රාත්‍රී 9:10 ට පමණ ග්යොංගි පළාතේ, හ්වාසොං-සි, මන්සේ-ගු, ජංගන්-ම්යොන් (Jangan-myeon, Manse-gu, Hwaseong-si, Gyeonggi-do) හි එක් මංතීරුවක් (පටු) සහිත මාර්ගයක සිදුව ඇත. ටොන් 7.5 ක ලොරි රථයක් එම මාර්ගයේ ධාවනය වන අතරතුර, ලොරියේ බඳ කොටසින් (cargo bed) පිටතට නෙරා තිබූ දැවමය නිවාස වහලක කොටසක් මාර්ගයේ පයින් ගමන් කරමින් සිටි මොවුන් දෙදෙනාගේ ගැටී තිබේ.
එම පැටවූ භාණ්ඩය දෙදෙනාගේම හිස සහ උදර ප්‍රදේශවල එක පිට එක වැදී ඇති බව පොලිසිය අනුමාන කරයි. ඔවුන් දෙදෙනා හෘදය අකර්මණ්‍ය වූ තත්ත්වයෙන් (cardiac arrest) රෝහල වෙත රැගෙන ගිය නමුත් දෙදෙනාම ජීවිතක්ෂයට පත්විය. ඔවුන් අසල පිහිටි කර්මාන්තශාලාවක එකට සේවය කළ සගයන් වන අතර, වැඩ නිමවී නේවාසිකාගාරය (Dormitory) වෙත ආපසු යමින් සිටියදී මෙම අනතුරට මුහුණ පා ඇත.
මෙම අනතුර 26 වනදා රාත්‍රී 9:10 ට පමණ ග්යොංගි පළාතේ, හ්වාසොං-සි, මන්සේ-ගු, ජංගන්-ම්යොන් (Jangan-myeon, Manse-gu, Hwaseong-si, Gyeonggi-do) හි එක් මංතීරුවක් (පටු) සහිත මාර්ගයක සිදුව ඇත. ටොන් 7.5 ක ලොරි රථයක් එම මාර්ගයේ ධාවනය වන අතරතුර, ලොරියේ බඳ කොටසින් (cargo bed) පිටතට නෙරා තිබූ දැවමය නිවාස වහලක කොටසක් මාර්ගයේ පයින් ගමන් කරමින් සිටි මොවුන් දෙදෙනාගේ ගැටී තිබේ”.
එම පැටවූ භාණ්ඩය දෙදෙනාගේම හිස සහ උදර ප්‍රදේශවල එක පිට එක වැදී ඇති බව පොලිසිය අනුමාන කරයි. ඔවුන් දෙදෙනා හෘදය අකර්මණ්‍ය වූ තත්ත්වයෙන් (cardiac arrest) රෝහල වෙත රැගෙන ගිය නමුත් දෙදෙනාම ජීවිතක්ෂයට පත්විය. ඔවුන් අසල පිහිටි කර්මාන්තශාලාවක එකට සේවය කළ සගයන් වන අතර, වැඩ නිමවී නේවාසිකාගාරය (Dormitory) වෙත ආපසු යමින් සිටියදී මෙම අනතුරට මුහුණ පා ඇත.
ඉහත කෙටි සටහන සහ ඡායාරූපය- https://web.facebook.com/photo/?fbid=1966381254712964&set=a.111217036896071 ඇසුරිණි













