දීප ව්‍යාප්ත වැඩවර්ජනයට සහාය දෙනවා ද – නැද්ද ?: ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමයේ තීරණය අද

මේ සම්බන්ධයෙන් තම සංගමයේ විධායක නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් විශේෂ සාකච්ඡාවක් අද උදෑසන පැවැත්වෙන බව ද ඔහු  සඳහන් කළේය.

තම සංගමයේ සාමාජිකයින් ද වර්තමානයේ බරපතළ ගැටලු ගණනාවකට මුහුණ දී සිටින බව කී ප්‍රකාශකයා ඉන්ධන පිරවුම්හල් පවත්වාගෙන යාමේදී අභියෝග රැසකට මුහුණදීමට සිදුව ඇති බව ද කීවේය.

“විශේෂයෙන්ම, ඉන්ධන බෙදාහැරීමේ ආයතන දෙකක් විසින් බෙදුම්කරුවන්ට ලබාදුන් වට්ටම් ප්‍රතිශත අසාධාරණ ලෙස අඩු කිරීම, අනීතික ලෙස වැට් බදු අය කිරීම, පෞද්ගලික සමාගම්වලට අයත් ඉන්ධන පිරවුම්හල් සඳහා ප්‍රමාණවත් ඉන්ධන තොග ලබා නොදීම ආදි ගැටලු විසඳීම සඳහා රජය මැදිහත් නොවීම හේතුවෙන් මෙම අභියෝගාත්මක තත්ත්වය උද්ගත වී ති‌බෙනවා. ඒ නිසා අපේ ගැටලුවලටත් රජයෙන් සහ ඛණිජ තෙල් සංස්ථාවෙන් කඩිනම් විසඳුම් අවශ්‍යයි” ඔහු වැඩි දුරටත් පැවසුවේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website