2026.11.27 දින දහවල් ඔඩ්ඩුසුඩාන් පොලිස් වසමේ නැදුන්කේනි මුල්ලියාවේලි මාර්ගයේ කොඩාරකල්ලිකුලම් ප්රදේශයේදී නැඳුන්කේනි දෙසට ධාවනය වූ යතුරුපැදියක් පැදිකරුට පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන යකඩ බටයක ගැටී අනතුරක් සිදුව ඇත. අනතුරින් තුවාල ලැබූ පැදිකරු මාන්චෝලි රෝහලට ඇතුලත් කරන විටත් මියගොස් සිට ඇත.
මරණකරු අවුරුදු 27 ක් වූ වව්නියාව ප්රදේශයේ පදිංචිකරුවෙකි. ඔඩ්ඩුසුඩාන් පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.
2026.11.27 දින දහවල් සමනලවැව පොලිස් වසමේ කොළඹ බදුල්ල මාර්ගයේ සීලගම ප්රදේශයේදී බලංගොඩ දෙස සිට බදුල්ල දෙසට ධාවනය වූ ලොරි රථයක් රියැදුරුට පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන පදික කාන්තාවකගේ ගැටී අනතුරක් සිදුව ඇත. අනතුරින් තුවාල ලැබූ පදික කාන්තාව පඹගල්ල රෝහලට ඇතුලත් කරන විටත් මියගොස් සිට ඇත.
මරණකාරිය අවුරුදු 57 ක් වූ බෙලිහුල්ඔය ප්රදේශයේ පදිංචිකාරියකි. සමනලවැව පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරයි.
2026.11.27 වන දින උදෑසන ගණේමුල්ල පොලිස් වසමේ ජාඇල මාර්ගයේ තිබ්බොටුගොඩ ප්රදේශයේදී ජාඇල දෙසට ධාවනය වූ ත්රීරෝද රථයක් මාර්ගයේ දකුණට හැරවීමට යාමේදී, එම දෙසටම පසුපසින් ධාවනය වූ යතුරුපැදියක් එම ත්රීරෝද රථයේ ගැටී අනතුරක් සිදුව ඇත. අනතුරින් පසුපැදිකරු තුවාල ලබා රාගම රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත.
මරණකරු වයස අවුරුදු 23 ක් වූ මරඳගහමුල ප්රදේශයේ පදිංචිකරුවෙකි. ත්රීරෝද රථ රියැදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර ගණේමුල්ල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
2026.11.27 දින දහවල් ඇහැලියගොඩ පොලිස් වසමේ ඇහැලියගොඩ මැදිකැලේ අතුරු මාර්ගයේ මැදිකැලේ පාලම අසලදී මැදිකැලේ දෙසට ධාවනය වූ යතුරුපැදියක් පැදිකරුට පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට ගලක ගැටී අනතුරක් සිදුව ඇත. අනතුරින් තුවාල ලැබූ පැදිකරු ඇහැළියගොඩ රෝහලට ඇතුලත් කරන විටත් මියගොස් සිට ඇත.
මරණකරු අවුරුදු 58 ක් වූ වව්නියාව ප්රදේශයේ පදිංචිකරුවෙකි. ඇහැලියගොඩ පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරයි.














