කඩුවෙල සංඛපිට්ඨි රජමහා විහාරයේ අවසන් මහා පෙරහර අද : විකල්ප මාර්ග ගැන පොලිසියෙන් නිවේදනයක්

කඩුවෙල පොලිස් වසමේ පිහිටි සංඛපිට්ඨි රජමහා විහාරයේ අවසන් මහා පෙරහර අද (28) දින රාත්‍රී 10.00 සිට හෙට (29) දින අළුයම 4.00 දක්වා විථි සංචාරය කරනු ලබයි.

පෙරහර විහාරස්ථානයෙන් ආරම්භ වී කඩුවෙල කොල්ලුපිටිය මාර්ගයේ කොතලාවල රාජසිංහ මාවත දක්වා ගමන් කර රාජසිංහ මාවත ඔස්සේ කඩුවෙල පිටකොටුව මාර්ගයට පිවිස එම මාර්ගයේ කඩුවෙල හන්දිය හරහා නැවත විහාරස්ථානයට පැමිණිමට නියමිතය.

පෙරහර ගමන් ගන්නා කාල සීමාව තුල ඇතිවන තදබදය අවම කර ගැනීම සඳහා පහත විකල්ප මාර්ග භාවිතා කරන ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටිනු ලැබේ.

විකල්ප මාර්ග :-

පෙරහර කොතලාවල රාජසිංහ මාවත දක්වා ගමන් කිරීමේදි කඩුවෙල කොල්ලුපිටිය මාර්ගය රාජසිංහ මාවත අසලින් රථවාහන ගමනා ගමනය තාවකාලිකව සීමා කරන අතර විකල්ප මාර්ග වශයෙන්,

• සැහැල්ලු වාහන කඩුවෙල – කොල්ලුපිටිය මාර්ගයේ විහාර මාවත ඔස්සේ කඩුවෙල පිටකොටුව මාර්ගයට පිවිස කඩුවෙල හන්දිය හරහා දෙපසටම ගමන් කල හැක.

• බර වාහන කඩුවෙල – කොල්ලුපිටිය මාර්ගයේ චන්ද්‍රිකා කුමාරතුංග මාවත ඔස්සේ කඩුවෙල පිටකොටුව මාර්ගයට පිවිස කඩුවෙල හන්දිය හරහා දෙපසටම ගමන් කල හැක.

පෙරහර රාජසිංහ මාවත ඔස්සේ පැමිණ කඩුවෙල පිටකොටුව මාර්ගයට පිවිස විහාරස්ථානය දක්වා ගමන් කරන කාලය තුලදි විකල්ප මාර්ග වශයෙන්,

• සියලුම වාහන කඩුවෙල දෙසට ගමන් කිරීමේදි හා කඩුවෙල දෙසට පැමිණීමේදි ඉහත විකල්ප මාර්ග වලට අමතරව කඩුවෙල කොල්ලුපිටිය මාර්ගයේ චන්ද්‍රිකා කුමාරතුංග මාවත ඔස්සේ කඩුවෙල පිටකොටුව මාර්ගයට පිවිස හෝමාගම අධිවේගි මාර්ගය අසලින් බියගම මාර්ගයට පිවිස බණ්ඩාරවත්ත හරහා කඩුවෙල හන්දියට ගමන් කිරීමට සහ එම මාර්ගය ඔස්සේ පැමිණීමට හැකියාව ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website