අයිස් මත්ද්‍රව්‍ය සහ අවි ආයුධ තොගයක් සමඟ 23 හැවිරිදි සැකකරුවෙක් මණ්ඩාවලදී අත්අඩංගුවට

අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 09 ග්‍රෑහම් 128ක්, පුද්ගල නාශක බිම්බෝම්බ 03ක්, ජීව පතරොම් 20ක්, කඩු 05ක් සමඟ සැකකරු STF අත්අඩංගුවට.

දොම්පේ පොලිස් වසමේ පරන්ගොඩ ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකා ගෝනහේන කඳවුරේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත 2026.07.13 දින වැටලීමක් සිදුකර ඇත.

එහිදී

  • අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 09 ග්‍රැම් 128ක්,
  • පුද්ගල නාශක බිම්බෝම්බ 03ක්,
  • එම ෆියුස් කොටස් 03ක්,
  • M16 ගිනි අවි සඳහා භාවිතා කරන ජීව පතරොම් 20ක්,
  • කඩු 05ක්,
  • විද්‍යුත් තරාදියක්,
  • යතුරුපැදියක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන සඳහා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය වෙත ඉදිරිපත් කර ඇත.

සැකකරු අවුරුදු 23 ක් වන මණ්ඩාවල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website