ජූලි 16 වැනි බ්‍රහස්පතින්දා සිට දිස්ත්‍රික්ක 11ක විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ වැඩබලන අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නන්ගර මහතා ප්‍රකාශ කළේය.
මෙම වැඩසටහන සතියක් පුරා ක්‍රියාත්මක වන බව ද ඔහු පැවසුවේය.
මේ අතර, ජාතික ඩෙංගු මර්දන වැඩසටහන අද දින ද ක්‍රියාත්මක වන අතර එය කොළඹ, ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්ක කේන්ද්‍ර කර ගනිමින් ක්‍රියාත්මක වේ.
ඩෙංගු රෝගීන් හේතුවෙන් රෝහල් පද්ධතිය මේ වන විට දැඩි පීඩනයකට ලක්ව ඇති බව ද ඔහු සඳහන් කළේය.
මේ වන විට ඩෙංගු රෝගය හේතුවෙන් පුද්ගලයින් 47 දෙනෙකු මිය ගොස් ඇති බවත් දිවයින පුරා රෝගීන් 68,672ක් වාර්තා වී ඇති බවත් කන්නන්ගර මහතා පැවසුවේය.
මෙම ජූලි මාසය ගත වූ දින කිහිපය තුළ රට තුළ ඩෙංගු රෝගීන් 13,293 ක් වාර්තා වී ඇති බව ද ඔහු වැඩි දුරටත් පැවසුවේය.
මේ අතර, ජාතික ඩෙංගු මර්දන වැඩසටහන අද දින ද ක්‍රියාත්මක වේ.















