මෙම සතියේ ඉදිරි දින තුන තුළ පාර්ලිමේන්තුවේ කටයුතු පිළිබඳව සහ විපක්ෂය විසින් ක්‍රියාකළ යුතු විශේෂ කාර්යයන් පිළිබඳව විපක්ෂයේ පක්ෂ නියෝජනය කරන නායකයින් සහ මන්ත්‍රීවරුන්ගේ සහභාගිත්වයෙන් විශේෂ රැස්වීමක් අද (08) පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක කාර්යාලයේදී පැවැත්විණ.
මෙහිදී මීගමුව බන්ධනාගාර සිදුවීම සහ උපරිමාධිකරණ විනිසුරුවරුවන්ගේ මතුව ඇති ගැටලුව ඒ පිළිබඳව අධිකරණ අමාත්‍යවරයාගේ වගකීම හා වගවීම පිළිබඳව අවධාන යොමු කළ අතර තවදුරටත් පාර්ලිමේන්තුව තුළ ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳව මන්ත්‍රීවරුන්ගේ අවධානය යොමු විය.












