ආණ්ඩුව විපක්ෂ නායක වරප්‍රසාද උල්ලංඝනය කළ බවට සජිත්ගෙන් බරපතළ චෝදනාවක්

මේ සම්බන්ධයෙන් සිය facebook ගිනුමේ සටහනක් තබමින් විපක්ෂ නායකවරයා මෙසේ පැවසුවේය. “මීගමුව බන්ධනාගාරයේ ඇති වූ සිදුවීම සම්බන්ධයෙන් සභාව කල් තැබීමේ විවාදයේදී සාකච්ඡාවට ලක් වුවත් එහි දී ආවරණය නොවූ කරුණු රැසක් සම්බන්ධයෙන් දත්ත සහ තොරතුරු අපේක්ෂාවෙන් ස්ථාවර නියෝග 27 (2) යටතේ අද පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කිරීමට නියමිතව තිබුණි. නමුත් ඒ සඳහා අද පාර්ලිමේන්තුවේදී අවස්ථාව නොලැබීම විපක්ෂ නායකවරයා ලෙස වරප්‍රසාද උල්ලංඝනය කිරීමකි. ජනතාවගේ තොරතුරු දැන ගැනීමේ අයිතිය තවදුරටත් තහවුරු කිරීමේ අරමුණින් මේ ප්‍රශ්න යොමු කළත් රජයෙන් ඒ ප්‍රශ්න ඇසීමට බාධා පැමිණ වීම භාෂණයේ ප්‍රකාශනයේ හා අදහස් පළ කිරීමේ නිදහසට ද බාධා එල්ල කිරීමක් බව අද පාර්ලිමේන්තුවේදී පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website