ජාතික ජන බලවේගය සහ ජනතා විමුක්ති පෙරමුණ පසුගිය මැතිවරණවලදී ගොවිජනතාවට පොරොන්දු රැසක් ලබා දුන් බව සිහිපත් කළ විපක්ෂ නායකවරයා ඒ අතර වී කිලෝවකට රුපියල් 150ක සහතික මිලක් ලබාදීම ද තිබූ බව සිහිපත් කළේය.
මෙම පොරොන්දු සියල්ල ආණ්ඩුවට අමතක බව කී විපක්ෂ නායකවරයා අද වන විට රජයේ මැති ඇමතිවරුන්ට ගොවි ජනතාව හමුවීමට පවා නොහැකි තත්ත්වයක් උද්ගත වී තිබෙන බව කීවේය.
මෙම ගැටලුව ඇතුළුව ගොවි ජනතාව, රැකියා විරහිත උපාධිධාරීන් මුහුණ දෙන ගැටලු සේම රටේ පවතින බරපතල ඖෂධ හිඟය සම්බන්ධයෙන් ද විපක්ෂ නයකාවරයා රජයේ අවධානය යොමු කළේය.













