කෑගල්ල වෑවලදෙනිය විහාරස්ථානයේ වාර්ෂික මිහිඳු මහා පෙරහර හෙට (04) දින සවස 05.30 සිට පසු දින (05) අළුයම 02.00 දක්වා කොළඹ – මහනුවර ප්රධාන මාර්ගයේ අඹසෙවන හෝටලය ආසන්නයේ සිට කෑගල්ල පොලිස් ක්රීඩාංගනය දක්වා වීථි සංචාරය කර විහාරස්ථානය වෙත නැවත පැමිණීමට නියමිතය.
පෙරහැර ප්රධාන මාර්ගයේ ගමන් ගන්නා කාලය තුල එම මාර්ගයේ ගමන් ගන්නේනම් ඔබ, ඇතිවිය හැකි මාර්ග තදබදය මඟහැර ගමන් පහසුව සලසා ගැනීම සඳහා පහත විකල්ප මාර්ග භාවිතාකර ගමන් පහසුව සලසාගන්නා මෙන් දැනුම්දෙන්නෙමු.
විකල්ප මාර්ග –
*කොළඹ දෙස සිට මහනුවර දෙසට ගමන් කරන වාහන කෑගල්ල රංවල ආයුර්වේද හන්දියෙන් දකුණට ඇති විකල්ප මාර්ගයේ ගමන් කර මීපිටිය හන්දියෙන් ප්රධාන මාර්ගයට පිවිස මහනවුර දෙසට ගමන් කල හැකිය.
*මහනුවර දෙස සිට කොළඹ දෙසට ගමන් කරන වාහන කෑගල්ල පොලිස් වසමේ මීපිටිය හන්දියෙන් වමට ඇති විකල්ප මාර්ගයේ ගමන් කර රංවල ආයුර්වේද හන්දියෙන් ප්රධාන මාර්ගයට පිවිස කෙළඹ දෙසට ගමන් කල හැකිය.















