ධුනික පොලිස් කොස්තාපල්වරුන් 237 දෙනෙකු පහලගම පොලිස් විද්‍යාලයේදී මූලික පුහුණුව අරඹයි

දිවයිනේ නන්දෙසින් ලැබුණු ඉල්ලුම්පත් විශාල ප්‍රමාණයක් අතුරින් අදියර කිහිපයක් යටතේ පැවති පරීක්ෂණ මාලාවකින් සමත්වූ ආධුනික පොලිස් කොස්තාපල්වරුන් 237 දෙනෙකු ඊයේ (01) සිය මූලික පුහුණුව සඳහා පහලගම පොලිස් විද්‍යාලය වෙත වාර්තා කරන ලදී. ශ්‍රී ලංකා පොලිස් සේවයේ ගෞරවය සුරකිමින්, මහජනතාව සුරක්ෂිත කිරීමේ බලාපොරොත්තුවෙන් පසුවන මෙම තරුණ පිරිස, සිය වෘත්තීය ජීවිතයේ මූලිකම සහ වැදගත්ම පියවර තබමින් ඔවුන්ගේ මූලික පුහුණුව සඳහා එක් විය.

පොලිස් විද්‍යාල කොට්ඨාසයේ අධ්‍යක්ෂ, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී දුශාන්ත රුවන් තලගල මහතාගේ උපදෙස් හා මඟපෙන්වීම පරිදි මෙම බඳවා ගැනීමේ කටයුතු සංවිධානය කර තිබුණි. නිකවැරටිය සහ පහලගම පොලිස් විද්‍යාලයන්හි සහකාර අධ්‍යක්ෂ, සහකාර පොලිස් අධිකාරී කේ.එස්. පතිරණ මහතා ප්‍රමුඛ පහලගම පොලිස් විද්‍යාල ඒකකයේ සමස්ත කාර්ය මණ්ඩලය විසින් පුහුණුව සඳහා පැමිණි ආධුනික නිලධාරීන් මෙන්ම ඔවුන්ගේ දෙමාපියන් ද ඉතා සුහදශීලීව පිළිගැනීමට කටයුතු කළහ. එහිදී ආධුනික නිලධාරීන්ගේ ඉදිරි පුහුණු කටයුතු සාර්ථක කර ගැනීම සඳහා අවශ්‍ය උපදෙස් හා මඟපෙන්වීම් ලබා දෙමින්, ඔවුන්ව නිල වශයෙන් මූලික පුහුණුව සඳහා අනුයුක්ත කර ගැනීම සිදු කෙරුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website