පානීය ජල ව්‍යාපාරයක මුවාවෙන් මහා පරිමාණයෙන් පවත්වා ගෙන ගිය නීති විරෝධී ස්කාගාරයක් වටලයි

කඩුවෙල පොලිස් වසමේ සුදර්ශණ පාර ප්‍රදේශයේ මහා පරිමාණයෙන් පවත්වාගෙන ගොස් ඇති නිතිවිරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයක් බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් වටලා සැකකරුවන් හය දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

ලද තොරතුරක් මත ඊයේ (28) දහවල් කාලයේදී වැටලීම සිදුකර ඇති අතර විමර්ශනයේදී පානීය ජල ව්‍යාපාරයක් මුවාවෙන් මෙම නීතිවිරෝධී මත්පැන් ජාවාරම පවත්වාගෙන ගොස් ඇති බව අනාවරණය වී තිබේ.

එහිදී,
• දේශිය මත්පැන් ලෙස ලේබල් කරන ලද මිලි ලීටර් 180 බැගින් අඩංගු බෝතල් 18575 (ලීටර් 3345.5 )ක්,
• විදේශීය මත්පැන් ලෙස ලේබල් කරන ලද මිලි ලීටර් 1000 අඩංගු බෝතල් 04ක් හා මිලිලීටර් 750ක් බැගින් අඩංගු නීතිවිරෝධී මත්පැන් බෝතල් 01ක්,
• මත්පැන් නිෂ්පාදනයට යොදා ගන්නා මිලි ලීටර් 750ක් අඩංගු එතනෝල් බෝතල් 01ක්,
• නීතිවිරෝධී මත්පැන් නිෂ්පාදනයට අවශ්‍ය උපකරණ තොගයක් හා
• කේරළ ගංජා ග්‍රෑම් 50 මිලිග්‍රෑම් 200ක ප්‍රමාණයක්ද පොලිස් භාරයට ගෙන ඇත

අත්අඩංගුවට පත්වූ සැකකරුවන් වයස අවුරුදු 30, 43, 58, 59 හා 62 යන වයස්වල පසුවන මිහින්තලය,මරදාන,වත්තල,වෑබඩ දකුණ,ගැටලාව හා සිප්පිකුලම ප්‍රදේශවල පදිංචිකරුවන් ය.

බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසය මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website