මැලේසියාවේ සිට මෙරටට පිටුවහල් කරන ලද සංවිධානාත්මක අපරාධකරුවෙකු CID අත්අඩංගුවට

සැකකරු අවුරුදු 41 ක් වන කොටුගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

2022.07.27 දින ගම්පහ අධිකරණය ඉදිරිපිටදී සංවිධානාත්මක අපරාධකරුන් තිදෙනෙකුට (පස්පොඩ්ඩා ඇතුළු) වෙඩි තබා ඝාතනය කිරීම හා තවත් පුද්ගලයින් දෙදෙනෙකුට තුවාල සිදුකිරීමේ අපරාධය සම්බන්ධයෙන් මෙම සැකකරුට ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය විසින් රතු නිවේදන ලබාගෙන තිබිණි. මෙම සැකකරු දැනට රැඳවුම් භාරයේ සිටින සංවිධානාත්මක අපරාධකරුගේ ප්‍රධාන සමීපතමයෙකු බවට අනාවරණය වී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website