ජාතික කාන්තා යහපැවැත්ම සමීක්ෂණය: ශ්‍රී ලංකාවේ කාන්තාවන් මුහුණ දෙන ලිංගික හිංසනය ගැන ආන්දෝලනාත්මක හෙළිදරව්වක්

සමීප සහකරුවෙකු අතින් ලිංගික හිංසනයට ලක් වූ ශ්‍රී ලංකාවේ කාන්තාවන්ගෙන් 49.3%ක් පමණ කිසිදු ආකාරයක විධිමත් සහයෝගයක් ලබාගෙන නොමැති බව ජාතික කාන්තා යහපැවැත්ම සමීක්ෂණය හෙළි කරගෙන ඇත.

සම්බන්ධතාවයක සිටි සෑම කාන්තාවන්ගෙන් 39.8%ක් තම ජීවිත කාලය තුළ ශාරීරික, ලිංගික, චිත්තවේගීය හෝ ආර්ථික හිංසනයකට මුහුණ දී ඇති බව සමීක්ෂණයෙන් හෙළි වී ඇති අතර කාන්තාවන් 20.4%ක් සමීප සහකරුවෙකු විසින් සිදු කරන ලද ශාරීරික සහ/හෝ ලිංගික හිංසනය අත්විඳ ඇත.

සමාජ අපකීර්තිය, පළිගැනීමේ බිය සහ පවතින සහායක සේවාවන් පිළිබඳ සීමිත දැනුවත්භාවය, දිවි ගලවා ගත් අය ආධාර පැතීම වළක්වන ප්‍රධාන සාධක ලෙස සමීක්ෂණය විසින් හඳුනාගෙන ඇත.

මෙම ගැටලු වලට ප්‍රතිචාර වශයෙන්, ස්ත්‍රී පුරුෂ භාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වයෙන් දිවි ගලවා ගත් අයට යුක්තිය සඳහා ප්‍රවේශය ශක්තිමත් කිරීම අරමුණු කරගත් ජාතික මුලපිරීමක් ශ්‍රී ලංකාව නිල වශයෙන් දියත් කර තිබේ.

මෙම මුලපිරීම කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය, එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල (UNFPA) ශ්‍රී ලංකාව සහ ස්ත්‍රී පුරුෂ භාවය මත පදනම් වූ හිංසනයට එරෙහි සංසදය (FAGBV) එක්ව හඳුන්වා දී ඇත.

කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා සවිත්‍රි පෝල්රාජ් ඇතුළු කිහිප දෙනෙකුගේ සහභාගීත්වයෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති විශේෂ මාධ්‍ය හමුවකදී මෙම වැඩසටහන පිළිබඳ විස්තර කරන ලදී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website