Update: අතුරුදන් වූ තරුණියක සොයා ගැනීමට ඇටම්පිටිය පොලිසිය මහජන සහාය පතයි

ඇටම්පිටිය පොලිස් වසමේ හාලිඇල ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් තමන්ගේ දියණිය අතුරුදන් බව සඳහන්කරමින් 2026.03.06 වන දින ඇටම්පිටිය පොලිස් ස්ථානයට පැමිණිල්ලක් ඉදිරිපත්කර ඇත.

ඒ් අනුව ඇටම්පිටිය පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් ඡායාරූපයේ දැක්වෙන මෙම අතුරුදහන් තරුණිය පිළිබඳව වැලිමඩ ගරු මහේස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු වාර්තා කර ඇති අතර සොයාගැනීම සඳහා ක්‍රියාත්මක විමර්ශනය සඳහා මහජන සහය අපේක්ෂා කරයි.

නම – රත්නායක මුදියන්සේලාගේ කාවින්ද්‍යා භවනි
වයස – අවුරුදු 19 යි.
ජාතික හැදුනුම්පත් අංකය – 200750204474

රූප ස්වභාවය – උස අඩි 05යි අගල් 06ක් පමණ උස සාමාන්‍ය සිරුර,තළෙළු, කොණ්ඩය ඉන දක්වා වවා ඇත.

තොරතුරක් දැනුම් දිය යුතු දුරකථන අංක –

ස්ථානාධිපති, ඇටම්පිටිය පොලිස් ස්ථානය – 071 8591528
පොලිස් ස්ථානය, ඇටම්පිටිය – 055 2294965

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website