හදිසි පාර්ලිමේන්තු විවාදයක් ලබා දෙන ලෙස ඉල්ලා විපක්ෂයේ මන්ත්‍රීවරුන් විසින් අත්සන් කරන ලද ලිපියක් අද (23) පාර්ලිමේන්තුවේදී කථානායකවරයා වෙත භාරදෙනු ලැබීය.
අධිකරණය ක්ෂේත්රයේ පැන නැඟී ඇති ව්‍යූහාත්මක ගැටලු විසඳීම සඳහා වහාම පාර්ලිමේන්තුව මැදිහත් විය යුතු බවත් ඒ සඳහා රජයේ අවධානය යොමු කිරීමේ මෙම විවාදය ඉල්ලා සිටීමේ අරමුණ බවත් මෙම ලිපිය කතානායකවරයා වෙත භාර දෙමින් විපක්ෂ මන්ත්‍රීවරු පැවසූහ.
















