රාජ්‍ය අංශයේ වැටුප් විෂමතා විසඳීමට වැටුප් හා විශ්‍රාම වැටුප් කොමිසමක් පත් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක්

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33 වැනි ව්‍යවස්ථාවෙන් තමාට පැවරී ඇති බලතල යටතේ සාමාජිකයන් 15 දෙනෙකුගෙන් යුත් වැටුප් හා විශ්‍රාම වැටුප් කොමිෂන් සභාවක් පත් කර ඊයේ (22) අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

රාජ්‍ය නිලධාරීන්ට සහ විශ්‍රාමිකයන්ට බලපාන දිගු කාලීන වැටුප් හා විශ්‍රාම වැටුප් විෂමතා සඳහා විසඳුම් නිර්දේශ කිරීම, ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දු සහ කැබිනට් තීරණවලට අනුකූලව රාජ්‍ය සේවය සඳහා ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ යෝජනා කිරීම, තාක්ෂණික දියුණුව සහ ගෝලීය ප්‍රවණතා එහි නිර්දේශවලට ඇතුළත් කිරීම සහ තාක්ෂණිකව බලගැන්වූ, පුරවැසි කේන්ද්‍රීය, සදාචාරාත්මක සහ වගකිවයුතු රාජ්‍ය සේවයක් ගොඩනැගීම සඳහා උපාය මාර්ග සංවර්ධනය කිරීම කොමිසමට පැවරී ඇත.

පරීක්ෂණ පැවැත්වීම, උපදෙස් නිකුත් කිරීම සහ වාර්තා සෘජුවම ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කිරීම කොමිසමට බලය පවරා ඇති අතර, සියලු කාර්යයන් වසරක් ඇතුළත සම්පූර්ණ කළ යුතුය.

කොමිසමේ සභාපති තෙල්ගේ අශෝක පීරිස් මහතා පත්කර ඇති අතර ලේකම්වරයා ලෙස ඩී.එම්.සී. නාලක දිසානායක පත්කර ඇත.

ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33 වන ව්‍යවස්ථාවෙන් ජනාධිපතිවරයා වෙත පැවරී ඇති බළතල ප්‍රකාරව මෙම පත් කිරීම සිදු කර ඇත. 

https://documents.gov.lk/view/egz/2026/6/2494-05_E.pdf

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website