ගෝලීය මිල පහත වැටුණත් ඉන්ධන මිල අඩු කිරීමට ඉඩක් නැහැ – මුදල් නියෝජ්‍ය ඇමැති

රටේ ආර්ථික තත්ත්වය පැහැදිලි කිරීම සඳහා අද (17) පැවති විශේෂ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ආචාර්ය ප්‍රනාන්දු මහතා පැවසුවේ ශ්‍රී ලංකාවේ දැනට පරිභෝජනය කරන ඉන්ධන මාස කිහිපයකට පෙර සැලකිය යුතු ලෙස ඉහළ මිලකට ආනයනය කර ඇති බවත්, එම ඉහළ මිලකට මිලදී ගත් ඉන්ධන තොග පවතින තාක් කල් දේශීය ඉන්ධන මිල අඩු කිරීමට නොහැකි බවයි.

“පවතින තොග අවසන් වී අඩු මිලට ඉන්ධන ආනයනය පැමිණීමට පටන් ගත් පසු ඉන්ධන මිල සමාලෝචනය කිරීමට හැකියි’ ඔහු වැඩි දුරටත් පැවසුවේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website