සිරිලිය සවිය ගිනුම සම්බන්ධ චෝදනා මත රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින ශිරන්ති රාජපක්ෂ මහත්මිය අද (09) පෙරවරුවේ කොළඹ අක්ෂි රෝහල වෙත රැගෙන ගොස් තිබූ අතර ප්‍රතිකාර වලින් පසු ඇය යළිත් බන්ධනාගාරය වෙත රැගෙන ගොස් තිබේ.
බන්ධනාගාර ප්‍රකාශයකට අනුව රාජපක්ෂ මහත්මිය ඊයේ (08) බන්ධනාගාර විශේෂඥ වෛද්‍යවරයා වෙත යොමු කර ඇති අතර එහිදී ලබා දුන් වෛද්‍ය උපදෙස් මත ජාතික අක්ෂි රෝහලේ විශේෂ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කිරීමට නිර්දේශ කර ඇත.














