රාජ්‍ය සේවයට අවශ්‍ය කැබ් රථ 1,750ක් හඳුනාගෙන ඇති අතර, ප්‍රාදේශීය ලේකම්වරුන් ඇතුළු නිලධාරීන්ට අවශ්‍ය වාහන ඉක්මනින් ලබා දීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසුවේය.
ජනාධිපතිවරයා මේ බව හෙළි කළේ ග්‍රාම නිලධාරී සේවයේ III වන ශ්‍රේණිය සඳහා සුදුසුකම් ලැබූ නිලධාරීන් 1,540 දෙනෙකු සඳහා පත්වීම් ලිපි ප්රදානය කිරීමේ අවස්ථාවට අද (08) පෙරවරුවේ අරලියගහ මන්දිරයේදී එක් වෙමිනි.
ජනපතිවරයා මෙසේ ද ප්‍රකාශ කළේය, “රාජ්‍ය සේවයට අවශ්‍ය කැබ් රථ 1,750ක් හඳුනාගෙන ඇති අතර, ප්‍රාදේශීය ලේකම්වරුන් ඇතුළු නිලධාරීන්ට අවශ්‍ය වාහන ඉක්මනින් ලබා දීමට කටයුතු කරනවා. ඩිජිටල්කරණයට අවශ්‍ය පරිගණක සහ අංගඋපාංග ප්‍රමාණය රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය මගින් ලබා දීමට කටයුතු කරනවා. රාජ්‍ය ආයතන ගොඩනැගිලි ප්‍රතිසංස්කරණය කළ යුතුයි. ඒ වගේම අලුතින් ගොඩනැගිලි ලබා දිය යුතුයි. ඒ අනුව සෙත්සිරිපාය 3 වෙනි අදියර අවසන් කිරීමට සහ 4 වෙනි අදියර ආරම්භ කිරීමට අයවැයෙන් මුදල් වෙන් කිරීමට බලාපොරොත්තු වෙනවා.
ඒ වගේම අපි භූමිය කළමනාකරණය කර ගත යුතුයි. එහිදි ලොකු ගොඩනැඟිලිවලට අප තුළ තිබෙන කැමැත්ත වෙනස්කර ගත යුතුයි කියා මම විශ්වාස කරනවා. එබැවින් කාර්යාල සඳහා කොපමණ ඉඩ පහසුකම් අවශ්‍යද, එම නියමිත භූමි ප්‍රමාණයන් පිළිබඳ විධිමත් සංගණනයක් සිදු කර, කාර්යාල පහසුකම් සැකසීමේ වගකීම ජනාධිපති කාර්යමණ්ඩල ප්‍රධානී වෙත පවරා තිබෙනවා”.















