‘පාර්ලිමේන්තු අයවැය කාර්යාලය’ ස්ථාපිත කිරීම සඳහා CoPF කමි‌ටුව සුවිශේෂ හමුවක

පාර්ලිමේන්තු අධීක්ෂණය තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා CoPF කමිටුවේ සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා ඇතුළු සාමාජිකයින් පසුගිය දා එක්සත් ජනපද ප්‍රජාතන්ත්‍රවාදී හවුල්කාරිත්වයේ (House Democracy Partnership) සහ එක්සත් ජනපද පාර්ලිමේන්තු අයවැය කාර්යාලයේ (කොන්ග්‍රස් අයවැය කාර්යාලය) ඉහළ පෙළේ තාක්ෂණික නියෝජිතයින් පිරිසක් හමු වූහ.

මෙම හමුවේ ප්‍රධාන අරමුණ වන්නේ ශ්‍රී ලංකාවේ පළමු ස්වාධීන ‘පාර්ලිමේන්තු අයවැය කාර්යාලය’ ස්ථාපිත කිරීමයි. මේ හරහා, පාර්ලිමේන්තුවට මුදල් අමාත්‍යාංශය මත පමණක් නොව, දත්ත මත පදනම් වූ ස්වාධීන මූල්‍ය විශ්ලේෂණයක් ලබා ගැනීමට අවස්ථාව ලැබෙන බව හර්ෂ ද සිල්වා පැවසුවේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website