2026 පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය අගෝස්තු 09 වන දින පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කළේය.
දෙවන ප්‍රශ්න පත්‍රය එදින පෙ.ව. 9:30 සිට පෙ.ව. 10:45 දක්වා පැවැත්වෙන අතර, පළමු ප්‍රශ්න පත්‍රය පෙ.ව. 11:15 සිට ප.ව. 12:15 දක්වා පැවැත්වීමට නියමිතය.
විභාගය පිළිබඳ වැඩිදුර තොරතුරු නියමිත වේලාවට ප්‍රකාශයට පත් කරන බව දෙපාර්තමේන්තුව සඳහන් කළේය.















