ලොව පුරා වෙසෙන ඉස්ලාම් බැතිමතුන් මහත් භක්තියෙන් හා ප්‍රීතියෙන් සමරනු ලබන ත්‍යාගවන්තභාවයේ උත්සවය හෙවත් කැප කිරීමේ උත්සවය ලෙසින් හදුන්වන හජ්ජි උත්සවය හෙට (28) දිනට යෙදී ඇත.
ආගමික කටයුතු සඳහා සහභාගි වන ඉස්ලාම් බැතිමතුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට පොලිස්පතිවරයා විසින් දිවයිනේ සියළුම පොලිස් ස්ථානයන් වෙත අවශ්‍ය උපදෙස් ලබා දී ඇත.
ඒ් අනුව ක්‍රියාත්මක විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළ පහත දැක්වේ.
- විශේෂ යාඥාවන් පැවැත්වෙන සියලුම ප්‍රධාන මුස්ලිම් පල්ලි සහ ඒ අවට ප්‍රදේශ ආවරණය වන පරිදි අවස්ථානුකූලව පොලිස් නිලධරයන් ආරක්ෂාව සඳහා යෙදවීම
- මුස්ලිම් පල්ලි අවට අධික රථවාහන තදබදයක් ඇතිවීම වැළැක්වීම සහ බැතිමතුන්ගේ ගමනාගමන කටයුතු පහසු කිරීම සඳහා විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කිරීම.
- ඉස්ලාම් භක්තිකයින් වැඩි වශයෙන් ගැවසෙන නගර ආශ්‍රිතව ජංගම සංචාර, පාමුර / පාපැදි, බීට්ටු සහ යතුරුපැදි සංචාර ක්‍රියාත්මක කරමින් ආරක්ෂාව තහවුරු කිරීම
- බුද්ධි නිලධරයන් යොදවා අවස්ථානෝචිතව තොරතුරු ලබා ගැනීමට කටයුතු කිරීම
ඔබේ පහසුව හා ආරක්ෂාව වෙනුවෙන් ක්‍රියාත්මක මෙම ආරක්ෂක වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීම සඳහා පොලිස් නිලධරයන් ලබාදෙන උපදෙස් පිළිපදින්න. කිසියම් සැකකටයුතු පුද්ගලයකු හෝ සැකකටයුතු යමක් දක්නට ලැබුණහොත් වහාම ළඟම ඇති පොලිස් ස්ථානයට හෝ 119 / 118 හදිසි ඇමතුම් අංකයට දැනුම් දීමට කටයුතු කරන්න.















