
ශ්‍රී ලංකාවේ අපනයන ක්ෂේත්‍රයේ සංවර්ධනය වෙනුවෙන් මාළිමාව ආණ්ඩුව පසුගිය කාලයේ ක්‍රියාත්මක කළ වැඩසටහන් සම්බන්ධ සාරාංශයක් කර්මාන්ත සහ ව්‍යවසාය සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා අනාවරණය කළේය.
නියෝජ්‍ය අමාත්‍යවරයාට අනුව අපනයන ක්ෂේත්‍රයේ සංවර්ධනය වෙනුවෙන් රජය පහත දැක්වෙන පියවර ගෙන ඇත.
- අපනයන සංවර්ධන මණ්ඩලය කර්මාන්ත අමාත්‍යාංශය යටතේ ස්ථාපිත කිරීම
- අපනයන සංවර්ධන මණ්ඩලයේ දශකයක් පමණ තිබ්බ 70ක් පමණ පුරප්පාඩු පුරවා ගත්තා
- අපනයන සංවර්ධන මණ්ඩලයට වෙන් කර තිබුණේ රු මිලියන 700ක් පමණයි, නමුත් 2025 වසරේදී අපනයන ප්‍රවර්ධන වැය ශීර්ෂය දෙගුණ කළා
- අවුරුදු 25කට පසු අපනයන සංවර්ධන අමාත්‍ය කමිටුව නැවත ආරම්භ කළා. EDCM මෙහිදී ක්ශේත්‍රයේ ගැටලු 25 කට පමණ විසඳුම් සෙව්වා
- ලංකාවේ අපනයන වලින් 25% කේන්ද්‍ර වෙලා තිබූ ඇමෙරිකාව 44%ක බද්දක් දැම්මා, ඒ සඳහා වේගවත් මැදිහත්වීමක් කරල එය 20%කට අඩු කරගත්තා
- දිත්වා හා තෙල් අර්බුදය හමුවේ අපනයන ක්ෂේත්‍රය ප්‍රමුඛ කරගෙන අඛණ්ඩත්වය පවත්වා ගත්තා
- පොල් අපනයනය බාධා වුණ පොල් හිඟය වෙනුවෙන් අවශ්‍ය ප්‍රතිපත්ති තීරණ අරන් පොල් මද හා කිරි ආනයනයට අවසර දුන්නා
- වසර ගණනාවක් ප්‍රමාද වෙලා තිබ්බ මත්ස්‍ය ප්‍රති අපනයන ක්‍රමවේදය අවසන් කරල අපනයන මත්‍ෂ්‍ය කර්මාන්තය සංවිධානය කළා
- ප්‍රති අපනයන සඳහා කුළු බඩු ආනයනයට තිබුණ බාධා ඉවත් කළා
- සාර්ථක සාකච්ඡා වලින් පසු බ්‍රිතාන්‍යට අපනයන තීරුබදු රහිතව යොමු කිරීමට අවශ්‍ය පහසුකම් සැකසුණා
- යුරෝපා සංගමය සමඟ සාර්ථක සාකච්ඡා වලින් පසුව GSP + අඛණ්ඩත්වය පිළිබඳ ස්ථීර සහතිකයක් ලබාගත්තා
- අමරිකාවට කකුළුවන් අපනයනන් සඳහා තිබූ බාධා ඉවත් කිරීම
- චීනය හා ඉන්දියානු වෙළෙඳපොළට ඇතුල් වීමට ඇති බාධා අවම කරගැනීමට EDB සක්‍රිය මැදිහත්වීමක් කළා
- අපනයන සහතික කිරීමට අවශ්‍ය අනෙකුත් රේඛීය අමාත්‍යාංශ වල අකාර්යක්ෂමතා ඉවත් කරගැනීමට සක්‍රිය මැදිහත්වීමක් සිදුකළා
- අපනයන තනි කවුළු Export Single Window නිර්මාණය කිරීමට රු බිලියන 2ක් වෙන් කර ගනිමින් ක්ෂේත්‍ර කීපයක වැඩ අවසන් අදියට ළඟා කර ගත්තා
- SVAT ක්‍රමය ඉවත් කිරීමෙන් අපනයනකරුවන් සිදුවිය හැකි අපහසු තා මඟහරවාගැනීමට ආදායම් දෙපාර්තමේන්තුව සමඟ අඛණ්ඩව සාර්ථක මැදිහත්වීමක් අමාත්‍යාංශය සිදු කළා
- ADB ජාතික අපනයන සංවර්ධන සැලැස්ම යාවත්කාලීන කර ඒ සඳහා කැබිනට් අනුමැතිය ලබාගත්තා. මේ සඳහා ADB හරහා $ මිලියන 200ක් ප්‍රතිපාදන සාක්ෂාත් කර ගෙන අවසන්
- අපනයන ඉලක්ක සෑම තානාපති සේවයකට ලබා දෙමින් විදේශ අමාත්‍යාංශය හා කර්මාන්ත අමාත්‍යාංශය අඛණ්ඩ ඒකාබද්ධ වැඩපිළිවෙළක් ආරම්භ කළා
- කාබනික කෘෂි අපනයන සැකසුම් දාමය දියුණු කිරීාමට යුරෝපා සංගමය සමඟ දිගුකාලීන එකඟතාවයට පැමිණ කටයුතු ආරම්භ කළා
- අපනයන ව්‍යාපාර, විදේශ රටවල් වල දරන වියදම්, ආදායම් බදු ගණනය කිරීමේ දී නිදහස් යෙදවුම් වියදමක් ලෙස තීරණය කළා
- අපනයන ක්ෂේත්‍රයේ උපදේශක කමිටු අඛණ්ඩව මාසිකව රැස් කරමින් ඔවුන්ගේ ගැටලු වලට සක්‍රිය මැදිහත්වීමක් අමාත්‍යාංශය ලෙසත් අදාළ අවස්ථා වලදී අනෙක් අමාත්‍යාංශ ලෙසත් සිදු කළා
-
- රට පුරා විහිදෙන අපනයන කර්මාන්ත ප්‍රවර්ධන වැඩසටහනක් 2025 ක්‍රියාත්මක කළ අතර, මේ යටතේ නව ව්‍යාපාරවලට අදාළ සම්මතයන්, ඇසුරුම් පිළිබඳ අවශ්‍ය දැණුම නොඅඩුව ලබාදෙන සෘජුව අපනයනකරුවන් නඟා සිටුවීමට කටයුතු කළා
- අපනයන අගයදාමය හා අපනයන ප්‍රමුඛත්වය පිළිබඳ අඛණ්ඩව ව්‍යවසායකත්ව දිරිගැන්වීමක් කර්මාන්ත අමාත්‍යාංශයේ ප්‍රමුඛතම කාර්‍ය ලෙස 2025 වසරේ ක්‍රියාත්මක වුණා
- දේශීය කර්මාන්ත අපනයන ක්ෂේත්‍රයට ගෙන ඒමට ඇති TIPE ක්‍රමය සක්‍රියව ප්‍රචලිත කළා
- ඉතාම විනිවිදභාවයෙන් ලෝකේ ප්‍රමුඛතම අපනයන ප්‍රවර්ධන අවස්ථා අපේ සුළු හා මධ්‍යම පරිමාණ කර්මාන්ත කරුවන්ට හා සේවා අපනයන කරුවන්ට ලබාදුන්නා
අවුරුදු 14කට පසුව Sri Lanka EXPO නැවත ආරම්භ කිරීමට කැබිනට් අනුමැතිය හා අවශ්‍ය රුපියල් මිලියන 300ක් ප්‍රතිපාදන වෙන්කර ගත්තා ජූනි මාසයේ සැලැසුම් කළ මෙය ලෝක ආර්ථික තත්වය නිසා ලබන ජනවාරි වල ක්‍රියාත්මක වේවී
මීට අමතරව
අපනයන ප්‍රමුඛ නව ආයෝජන කැඳවීම, යටිතල පහසුකම් හා මූල්‍ය පහසුකම් සැලසීම, අපනයන සහතික කිරීම සඳහා පරීක්ෂණාගාර ඉදිකිරීම, අපනයන යෙදවුම් දාමය ශක්තිමත් කිරීම, නව ජාත්‍යන්තර වෙළෙඳපොළ ගිවිසුම් වලට එළඹීම, අපනයන ප්‍රමුඛ නව දිරිගැන්වීම හඳුන්වා දීම ඉදිරියට සිදු වේවී
















