මැයි 12 වන දින ගාල්ල දංගෙදර ප්‍රදේශයේ දී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීම සඳහා ආධාර අනුබල දුන් බවට චෝදනා එල්ල වී සිටින පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.
සැකකරුවන් රඳවා තබා ගත් වලාන දූෂණ මර්දන අංශයේ නිලධාරීන් විසින් මෙම අත්අඩංගුවට ගැනීම් සිදු කර ඇති බව පොලිසිය සඳහන් කළේය.
අත්අඩංගුවට ගැනීමේදී එක් සැකකරුවෙකු ළඟ තබාගෙන සිටි හෙරොයින් ග්‍රෑම් 12 යි මිලිග්‍රෑම් 260 ක් ද පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
වයස අවුරුදු 24 සහ 38 ක් වන සැකකරුවන් ගිරාඳුරුකෝට්ටේ සහ මහවැව යන ප්‍රදේශවල පදිංචිකරුවන් වේ.
පරීක්ෂණ අඛණ්ඩව සිදුවන බව පොලිසිය තවදුරටත් පැවසීය.














