දිස්ත්‍රික්ක 06ක නායයෑමේ අනතුරු ඇඟවීම් තව දුරටත් දීර්ඝ කරයි

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් කොළඹ, ගම්පහ ඇතුළු දිස්ත්‍රික්ක හයකට අද (24) දිනයේ ද අදියර 01 සහ 02 නායයෑමේ අවවාදාත්මක නිවේදන  නිකුත් කර ඇත.

කෑගල්ල සහ රත්නපුර දිස්ත්‍රික්කවල ප්‍රා.ලේ. කොට්ඨාශ කිහිපයක් සඳහා අදියර 02 (අවධානය – ඇම්බර්) නිවේදන නිකුත් කර ඇත. එම ප්‍රා.ලේ. කොට්ඨාශ වන්නේ,

  • කෑගල්ල දිස්ත්‍රික්කය – දන්ඔ්විට, යටියන්තොට, දැරණියගල සහ රුවන්වැල්ල.
  • රත්නපුර දිස්ත්‍රික්කය – අයගම, කුරුවිට, ඇහැලියගොඩ සහ රත්නපුර.

අදියර 01 (විමසිලිමත් – කහ) නිවේදන නිකුත් කර ඇති දිස්ත්‍රික්ක වන්නේ,

  • කොළඹ – සීතාවක, පාදුක්ක.
  • ගම්පහ – අත්තනගල්ල.
  • කලුතර -පාලින්දනුවර, බුලත්සිංහල, ඉංගිරිය, හොරණ, මතුගම, අගලවත්ත.
  • රත්නපුර – කිරිඇල්ල, නිවිතිගල, ඇළපාත, කලවාන, පැල්මඩුල්ල
  • කෑගල්ල – බුලත්කොහුපිටිය.
  • නුවරඑළිය – අඹගමුව

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website