දිවයිනේ නිරිතදිග කලාපයට බලපා ඇති අධික වැසි තත්ත්වය හේතුවෙන් දිවයින පුරා පවුල් 7983කට අයත් පුද්ගලයින් 31,072ක් විපතට පත්ව ඇතැයි ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් අද (24) පෙ.ව 10.00ට නිකුත් කළ තත්ත්ව වාර්තාවේ සඳහන් වේ.
එක පුද්ගලයෙකු මියගොස් ඇති අතර තවත් පුද්ගලයෙකු අතුරුදන් වී ඇති බවත් අයහපත් කාලගුණයෙන් නිවාස 02කට පූර්ණ හානි සිදු වී නිවාස 859ක අර්ධහානි සිදුව ඇති බව ද අදාළ වාර්තාව වැඩි දුරටත් පවසයි.
ආරක්ෂිත ස්ථාන 18ක පවුල් 446කට අයත් පුද්ගලයින් 1724ක් රැකවරණය ලබන බව ද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සිය දෛනික තත්ත්ව වාර්තාවේ වැඩි දුරටත් සඳහන් කරයි.














