ශ්‍රී ලංකාවේ කාන්තාවන් අතර බහුලව දක්නට ලැබෙන ගැබ්ගෙල පිළිකා හඳුනා ගැනීම සහ ප්‍රතිකාර කිරීම වැඩිදියුණු කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් රජයේ රෝහල්වලට නවීන කොල්පොස්කොපි යන්ත්‍ර 12ක් ලබා දී ඇත.
ශ්‍රී ලංකාවේ කාන්තාවන් අතර බහුලව දක්නට ලැබෙන පිළිකා අතර ගැබ්ගෙළ පිළිකා 05 වැනි ස්ථානයේ පසුවේ.
දිවයින පුරා රෝග විනිශ්චය කිරීමේ ධාරිතාව තවදුරටත් පුළුල් කරමින් ඉදිරි මාසය තුළ තවත් යන්ත්‍ර හයක් ස්ථාපනය කිරීමට නියමිත බව සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසීය.
ව්‍යාපෘතියේ ආරම්භක අදියර සඳහා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් රුපියල් මිලියන 72කට වඩා වෙන් කර ඇති අතර, එක් එක් කොල්පොස්කොපි (colposcopy) ඒකකයේ වටිනාකම රුපියල් මිලියන 6 කි. දෙවන අදියර සඳහා රුපියල් මිලියන 42 කට වැඩි අමතර ප්‍රතිපාදන වෙන් කර ඇත.
Colposcopy යන්ත්‍ර දැනටමත් අනුරාධපුර, බදුල්ල, මඩකලපුව, යාපනය, කුරුණෑගල, ද සොයිසා මාතෘ රෝහල, මහනුවර, ගම්පහ, මාතර, මොනරාගල, පුත්තලම සහ හම්බන්තොට යන ප්‍රධාන රෝහල්වල ක්‍රියාත්මක වේ.
ඉතිරි යන්ත්‍ර හය අම්පාර, රාගම, කළුතර, කුලියාපිටිය, මාතලේ සහ වවුනියාව යන ශික්ෂණ සහ දිස්ත්‍රික් මහ රෝහල්වල ස්ථාපනය කිරීමට අපේක්ෂා කෙරේ.
සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කළ පසු, රාජ්‍ය සෞඛ්‍ය පද්ධතියේ ඇති මුළු කොල්පොස්කොපි යන්ත්‍ර සංඛ්‍යාව 33 දක්වා ඉහළ යනු ඇති අතර, එමඟින් දිවයින පුරා පරීක්ෂණ සහ ප්‍රතිකාර සේවා සැලකිය යුතු ලෙස ශක්තිමත් වේ.















