සුපිරි 08 වටය ආරම්භ වෙයි – හෙට ශ්‍රී ලංකාව සහ එංගලන්තය තරඟ බිමට

2026 පන්දු වාර 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 8 වටයේ පළමු තරඟ අද (21) ආරම්භ විය. ඒ අනුව සුපිරි කණ්ඩායම් 8 වටයේ පළමු තරඟය පකිස්ථානය සහ නවසීලන්තය අතර කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (21) පැවැත්වේ.

සුපිරි 08 වටයේ තරඟ කාණ්ඩ දෙකක් යටතේ පැවැත්වෙන අතර එහි පළමු කාණ්ඩයට ඉන්දියාව, දකුණු අප්‍රිකාව, බටහිර ඉන්දීය කොදෙව් සහ සිම්බාබ්වේ යන කණ්ඩායම් ඇතුළත් වේ. දෙවන කාණ්ඩයට එංගලන්තය, නවසීලන්තය, පකිස්ථානය සහ ශ්‍රී ලංකාව ඇතුළතු වේ.

තරඟ නීති අනුව සුපිරි 8 වටයේදී අදාළ කාණ්ඩයට අයත් කණ්ඩායම් 4 එකිනෙකා සමග තරග කළ යුතු අතර කාණ්ඩ දෙකෙහි පළමු සහ දෙවන ස්ථානයට පත්වන කණ්ඩායම් 4 අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබයි.

සුපිරි 08 වටයේ ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර තරඟය හෙට (22) පස්වරු 03.00ට පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වේ. මෙම තරඟය ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකාවට ඇති හැකියාව 38%ක් බව විචාරක මතයයි.

රී ලංකාවට එරෙහිව හෙට පැවැත්වෙන තරගය පිළිබඳව අද (21 දා) පැවැති මාධ්‍ය හමුවේදී අදහස් දක්වා සිටි එංගලන්ත ක්‍රිකට් නායක හැරී බෘෘක් සඳහන් කළේ පල්ලේකැලේ ක්‍රීඩාංගණයේදී ලබා ඇති පළපුරුද්ද හෙට තරගයේදී භාවිතා කිරීමට අපේක්ෂා කරන බවයි. “මෙම ක්‍රීඩාංගණයේදී ක්‍රීඩා කරලා තියෙන අත්දැකීම් අපිට විශාල විශ්වාසයක් ලබා දෙනවා. අපි මෙහි ඔවුන්ට එරෙහිව ඉතා හොඳ තරග මාලාවක් ක්‍රීඩා කළා. ඒ අත්දැකීම් අපි හෙට තරගයේදී භාවිතා කිරීමට අපේක්ෂා කරනවා”..

කෙසේ වෙතත් එම අදහස් දැක්වීමේදී තමන්ට එරෙහිව පැවැති විස්සයි-20 තරගාවලියේ පැවැති තත්ත්වයට වඩා ශ්‍රී ලංකා කණ්ඩායම ශක්තිමත් වී තිබෙන බව ද බෘෘක් අවධාරණය කර සිටියේය. මෙහිදී ඔස්ට්‍රේලියාවට එරෙහිව ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක ලබා ගන්නා ලද ශතකයද එංගලන්ත නායකයා මෙහිදී වැඩිදුරටත් මෙනෙහි කර සිටියේය.

“නිස්සංක ඉතා හොඳින් ක්‍රීඩා කරමින් සිටිනවා. පවර් ප්ලේ අවස්ථාවේදී ඔහුව ඉක්මනින් දවා ගැනීමට හැකියාවක් ලැබුණොත් එය අපිට හෙට තරගයේදී වාසියක් වේවි” යැයි බෘෘක් පැවසුවේය.

එංගලන්තය සංචිතය –  හැරී බෲක් (නායක), ටොම් බැන්ටන්, ජොස් බට්ලර්, බෙන් ඩකට්, ෆිල් සෝල්ට්, ජේකබ් බෙතෙල්, සෑම් කරන්, ලියම් ඩෝසන්, විල් ජැක්ස්, ජේමි ඕවර්ටන්, රෙහාන් අහමඩ්, ජොෆ්රා ආචර්, ආදිල් රෂීඩ්, ජොෂ් ටංග්, ලූක් වුඩ්.

ශ්‍රී ලංකා සංචිතය – දසුන් ශානක (නායක), කුසල් මෙන්ඩිස්, කමිල් මිෂාර, පැතුම් නිශ්ශංක, කුසල් පෙරේරා, පවන් රත්නායක, චරිත් අසලංක, දුෂාන් හේමන්ත, ජනිත් ලියනගේ, කමිඳු මෙන්ඩිස්, දුෂ්මන්ත චමීර, ඩිල්ෂාන් මධුශංක, ප්‍රමෝද් මධුෂාන්, මහීෂ් තීක්ෂණ, දුනිත් වෙල්ලාලගේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website