2026 ICC පිරිමි T20 ලෝක කුසලානයේ ශ්‍රී ලංකාවේ පැවැත්වෙන සුපිරි 8 තරඟ සඳහා වන සියලුම ප්‍රවේශ පත්‍ර සම්පූර්ණයෙන්ම විකිණී අවසන් බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නිල ටිකට්පත් ද්වාරය පවසයි.
ප්‍රවේශපත්‍ර ද්වාරයෙහි ශ්‍රී ලංකාවේ සුපිරි 8 තරඟ “විකිණී අවසන්” ලෙස ලැයිස්තුගත කර ඇත.
කෙසේ වෙතත්, විවිධ කණ්ඩායම් සම්බන්ධ වන තවත් සුපිරි 8 තරඟ කිහිපයක් සඳහා ටිකට්පත් තවමත් ලබා ගත හැකි බව තරඟාවලි සංවිධායකයින් තහවුරු කළහ.
















