හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (23) උදෑසන මල්වතු සහ අස්ගිරි පාර්ශවයන්හි මහනාහිමිවරුන් බැහැදැක ආශිර්වාද ලබා ගත්තේය.
මෙම සංචාරය අතරතුර, හිටපු ජනාධිපතිවරයා මල්වතු පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය තිබ්බොටුවාවේ ශ්‍රී සුමංගල හිමියන් බැහැදැක, පසුව අස්ගිරි පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන හිමියන් බැහැදැක, රටේ වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳව මහා නායක හිමිවරුන් සමඟ සාකච්ඡා කළ බව වාර්තා වේ.
සාකච්ඡාවලින් පසු, මාධ්‍යවේදීන් දේශපාලන කරුණු සම්බන්ධයෙන් ඔහුගෙන් ප්‍රශ්න කිරීමට උත්සාහ කළ විට, වික්‍රමසිංහ මහතා ඔවුන්ගේ ප්‍රශ්නවලට කෙටියෙන් පිළිතුරු දෙමින් ප්‍රකාශ කළේ තමා තවදුරටත් ක්‍රියාකාරී දේශපාලනයේ නිරත නොවන බවයි.















