සමගි ජන බලවේගයේ ‘සමගි වනිතා බලවේගයේ’ සභාපතිවරිය ලෙස මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනී රෝහිණි කවිරත්න මහත්මිය පත්කර ඇත. එම ධුරයට අදාළ පත්වීම් ලිපිය සමගි බලවේගය නායක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් පසුගිය දා රෝහිණී කවිරත්න මහත්මිය වෙත ලබා දුන්නේය. මෙම අවස්ථාවට පක්ෂයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා ද සහභාගී විය.
‘සමගි වනිතා බලවේගයේ’ සභාපති ධුරය රෝහිණි කවිරත්නට















