සිරිලිය සවිය අරමුදලට අදාළ ගිණුමක සිදුවූ බව කියන මූල්‍ය අක්‍රමිකතා සහ මුදල් ගනුදෙනු සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයකට අදාළව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අද (07) අත්අඩංගුවට ගත් ශිරන්ති රාජපක්ෂ මහත්මිය අල්ලස් කොමිසම වෙත රැගෙන විත් තිබේ.
අද උදෑසන කිරුළපන පූර්වාරාම පාරේ පිහිටි ඇයගේ නිවසට පැමිණි අල්ලස් කොමිෂමේ නිලධාරීන් ඇයගෙන් පැය දෙකකට ආසන්න කාලයක් ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව රාජපක්ෂ මහත්මිය අත්අඩංගුවට ගත් බව අල්ලස් කොමිසම සඳහන් කළේය.













