ග්‍රාමීය ජනතාව ද සංවර්ධනයේ හවුල්කරුවන් කරගත යුතුයි – අගමැති හරිනි අමරසූරිය

අද (07) කොළඹ ගාළු මුවදොර හෝටලයේ පැවැත්වුණු ග්‍රාමීය සංවර්ධන නවෝත්පාදන පිළිබඳ ආසියා-පැසිපික් සමුළුවේ ආරම්භක උත්සවයට ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වෙමින් අග්‍රාමාත්‍යවරිය මේ බව පැවසුවාය.

කලාපීය සහයෝගිතාව දේශීය අත්දැකීම්වලින් ඔබ්බට ගොස් වෙනස් විදියට සිතන්න අපට ඉඩ සලසා දෙන බව ද අග්‍රාමාත්‍යවරිය පැවසුවාය.

මෙම සමුළුව කෘෂිකර්ම, පශුසම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත මහතා ද සහභාගී වුණේය.

හෙක්ටර් කොබ්බෑකඩුව ගොවිකටයුතු පර්යේෂණ හා පුහුණුකිරීමේ ආයතනය සහ ආසියා සහ පැසිෆික් කලාපය සඳහා ඒකාබද්ධ ග්‍රාමීය සංවර්ධන මධ්‍යස්ථානය (CIRDAP එක්ව මෙම සමුළුව සංවිධානය කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website