
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ කොට්ඨාස සංවිධායකවරුන්ගේ පත්වීම් ප්රදානය කිරීම පසුගිය දා නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් තඹුත්තේගමදී සිදුකෙරිණි.
මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අනුරාධපුර දිස්ත්‍රික් නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා ඇතුළු හිටපු අමාත්‍යවරුන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ද හිටපු පළාත් සභා මන්ත්‍රීවරුන්, පළාත් පාලන ආයතන නියෝජිතයින් සහ පක්ෂයේ ක්‍රියාකාරීන්ද සහභාගී වූහ.















