මතක තබා ගන්න, මේ රටේ නිදහස් අධ්‍යාපනය නිවැරදි විය යුතුය, නූතනවාදී විය යුතුයි, නවීකරණය විය යුතුයි කියලා කිව්වේ අපි. අද ඔබ අධ්‍යාපනය අසභ්‍යකරණයට ලක්කරලා දැන් අපට කියනවා ‘ප්‍රතිසංස්කරණවලට විරුද්ධ වෙන්න එපා, ඒක දරුවන්ට කරන හානියක් කියලා. මම කියනවා නිදහස් අධ්‍යාපනය අසභ්‍යකරණයට ලක් කරලා මේ රටේ 41 ලක්ෂයක් දූ දරුවන්ට ද්‍රෝහිකම් කලේ අප නොව ඔබයි කියලා.
නිදහස් අධ්‍යාපන අසභ්‍යකරණය කිරීමට ඉඩ නොදෙන බවත් 41 ලක්ෂයක් දූ දරුවන්ගේ නිදහස් අධ්‍යාපන අයිතිය ආරක්ෂා කිරීම වෙනුවෙන් කැප වෙන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කළේය.
මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් කරමින් විපක්ෂ නායකවරයා ප්‍රකාශ කළේ නිදහස් අධ්‍යාපනයේ දැවැත්ත සාධනීය ප්රතිසංස්කරණයක් නිශ්චිතව, අනිවාර්යයෙන්ම සහ නිවැරදිව විය යුතුයි කියන මතය සමගි ජන බලවේගය තරයේ විශ්වාස කරන බවයි.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කළ එම සම්පූර්ණ ප්‍රකාශය පහත පළ වේ.
අපේ රටේ නිදහස් අධ්‍යාපනයේ දැවැත්ත සාධනීය ප්රතිසංස්කරණයක් නිශ්චිතව, අනිවාර්යයෙන්ම සහ නිවැරදිව විය යුතුයි කියන මතය සමගි ජන බලවේගය තරයේ විශ්වාස කරනවා.
ප්රතිසංස්කරණයක් නොව අධ්‍යාපනයේ පරිවර්තනාත්මක වෙනසක් සිදුවිය යුතුයි කියන එක අපේ අදහසයි. අපි විරුද්ධ වුණේ වර්තමාන රජය අපේ රටේ නිදහස් අධ්‍යාපනය අසභ්‍යකරණයට ලක් කිරීමටයි, විකෘති කිරීමට ලක් කිරීමටයි. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යැයි කියන ක්‍රමවේදය නිවැරදිව ක්‍රියාත්මක වුණේ නැහැ. අදාළ පාර්ශ්ව සමඟ විවෘත විනිවිධභාවයෙන් යුත් සංවාදයක් වෙත ආණ්ඩුව යොමු වුණේ නැහැ.
විශේෂයෙන්ම අද නිර්මාණය වෙලා තිබෙන අවිනිශ්චිතතාවය තුළ, ව්‍යාකූලත්වය තුළ අපේ රටේ නිදහස් අධ්‍යාපනයේ 41 ලක්ෂයකට වඩා වැඩි දූ දරුවන් අසරණභාවයකට පත්වෙලා සිටිනවා. විශේෂයෙන්ම අපට ඇහුනා ගරු අග්‍රමාත්‍යතුමිය ඉල්ලීමක් කරනවා “කරුණාකරලා විපක්ෂය අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට උදව් කරන්න’ කියන කාරණාව, අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට විරුද්ධ වෙන්න එපා කියන කාරණාව.
මම ගරු අධ්‍යාපන අමාත්‍යවරියට කියන්න කැමතියි, තොරතුරු කාරුණු කාරණා විකෘති කරලා මේ අධ්‍යාපනය ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් ඇති වෙලා තිබෙන සංවාදය වෙන අතකට හරවන්න එපා. ඔබ ක්‍රියාත්මක කරන්නේ නිවැරදි අධ්‍යාපන ප්රතිසංස්කරණයක් නම්, ඉංග්‍රීසි භාෂා කේන්ද්‍රීය අධ්‍යාපනයට නිසි තැන ලබාදීලා තිබෙනවා ද ?. අදටත් තොරතුරු තාක්ෂණ විෂය 01 වසරේ සිට 05 වසර දක්වා දරුවන්ට අහිමි කරලා තිබෙනවා. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තුළ තොරතුරු තාක්ෂණ විෂය 01 වසර සිට 05 වසර දක්වා දූ දරුවන්ට අහිමි කිරීම නිවැරදි යැයි ඔබ සිතනවා ද ?.
ඒ වගේම මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තුළ නව තාක්ෂණය, කෘත්‍රිම බුද්ධිය, රොබෝටික්ස්, ඩිජිටල් උපකරණවලට ප්‍රවේශය, ඩිජිටල් සම්බන්ධතාව, පාසල් වල තිබිය යුතු පහසුකම් ගැන නොසලකා සැර තිබෙනවා. මේ සමඟ ද නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරන්නේ කියා මම අධ්‍යාපන අමාත්‍යවරියගෙන් ප්‍රශ්න කරනවා.
හදවතට තට්ටු කරලා අහන්න, මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමේ දී උපකරණ, සම්පත්, පහසුකම්, ඒ වගේම මානව සම්පත, භෞතික සම්පත් බරපතළ ඌණතාවයකින් යුක්තිව ක්‍රියාත්මක කරන අධ්‍යාපන ප්රතිසංස්කරණයක් නොවෙයිද ?
මේ රටේ ගුරුභවතුන් නිවැරදි හා විධිමත් පුහුණුවකට ලක්කරලද ? ඔබ මේ කඩිමුඩියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරන්නේ කියා මම අධ්‍යාපන අමාත්‍යවරියගෙන් විමසනවා. ඒ නිසා මතක තබා ගන්න සමගි ජන බලවේගය අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට විරුද්ධ නැහැ. ඔබයි එදා ස්මාර්ට් බෝර්ඩ් බෙදන කොට විරුද්ධ වුණේ, ඔබයි එදා පරිගණක, මුද්‍රණ යන්ත්‍ර බෙදන කොට විරුද්ධ වුණේ. ඉංග්‍රීසි භාෂා ප්‍රවීණතාව වර්ධනය කරනනොට ඔබයි එදා විරුද්ධ වුණේ.
ජපන් භාෂාව ගැන කතා කරන කොට විහිළු කළා. අපේ රටේ දූ දරුවන්ට ලෝකයේ විශාලතම වෙළෙඳපොළවල් දෙකේ, ඉන්දියාවේ හින්දි භාෂාව හා චීනයේ චීන භාෂාව ඉගැන්වීම වැදගත් යැයි අපි කියන කොට හිනා වුණේ කවුද?, ඔ්වා අවශ්‍ය නැහැ කියයලා කිව්වේ කවුද ? ඒ ඔබ.
මතක තබා ගන්න, මේ රටේ නිදහස් අධ්‍යාපනය නිවැරදි විය යුතුය, නූතනවාදී විය යුතුයි, නවීකරණය විය යුතුයි කියලා කිව්වේ අපි. අද ඔබ අධ්‍යාපනය අසභ්‍යකරණයට ලක්කරලා දැන් අපට කියනවා ‘ප්‍රතිසංස්කරණවලට විරුද්ධ වෙන්න එපා, ඒක දරුවන්ට කරන හානියක් කියලා. මම කියනවා නිදහස් අධ්‍යාපනය අසභ්‍යකරණයට ලක් කරලා මේ රටේ 41 ලක්ෂයක් දූ දරුවන්ට ද්‍රෝහිකම් කලේ අප නොව ඔබයි කියලා.
අඩුම තරමේ දැනවත් සවන් දීලා, උද්දච්ඡ නොවී, වැදගත්, ප්රගලිතිශීලී සංවාදයකට යොමු වෙලා 41 ලක්ෂයක් දූ දරුවන් වෙනුවෙන් නිවැරදි දේ කරන්න. මේ යන විදිහට ගියොත් ඔබ මේ කරන්නේ අපේ රටේ නිදහස් අධ්‍යාපනය විනාශ කිරීමයි. ඔය කුමන්ත්රණවලට අපි අහුවෙන්නේ නැහැ, ඔය කුමන්ත්රණවලට අපි සම්බන්ධ ෙවන්ෙන් නැහැ, අධ්‍යාපනය අසභ්‍යකරණයට අපි සම්බන්ධ වෙන්නේ නැහැ. සත්‍ය වශයෙන්ම අධ්‍යාපනයේ සිදුවිය යුතු ප්රතිංස්කරණවලට අපි අපේ පූර්ණ සහාය ලබා දෙනවා. කරුණා කාරණා විකෘති කරලා මේ සාකච්ඡාව වෙන අතකට යොමු කරන්න එපා. නිදහස් අධ්‍යාපනය අපේ රටේ ජීවවයි, අපේ රටේ ප්රණයයි, අපේ රටේ දූ දරුවන් වෙනුවෙන් අපට කළ හැකි හොඳම දේ වෙන්නේ මේ අධ්‍යපන ප්‍රතිසංස්කරණ අසභ්‍යකරණයෙන් තොරව නිවැරදිව ක්‍රියාත්මක කිරීමයි. එය ආන්ඩුවේ වගකීමයි. ආණ්ඩුව එය නිවැරදිව, හරියට කරනවාද ? යන්න සොයා බැලීම අපේ වගකීමයි, අපේ යුතුකමයි. ඒ යුතුකම හා වගකීම දරුවන් වෙනුවෙන් ඉටු කිරීමට අප කැප වෙනවා.















