ශ්‍රී ලංකාවට නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සඳහා වූ මොඩියුඩයක් හඳුන්වාදීමේ වැඩසටහනක් පසුගිය 21වන බදාදා කොළඹ රේණුකා හෝටලයේ දී පැවැත්විණි. දේශපාලන පක්ෂ වල නියෝජිතයින් හා සිවිල් සංවිධානවල නියෝජිතයන් පිරිසක් මෙම වැඩසටහනට සහභාගී වූහ.
මෙහි දී දැනට ඇති ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලියේ ප්‍රගතිය පිළිබඳවත්, ශ්‍රී ලංකාව මුහුණ දෙන පාලනයේ අර්බුදය පිළිබඳව දැනුවත් කිරීම සිදුවිය. මෙම වැඩසටහන ජේෂ්ඨ නීතිඥ ශිරාල් ලක්තිලක මහතාගේ ප්‍රධානත්වයෙන් OTI ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්විණි.















