පොලිස් නිෂ්කාශන අදුම්පත් සම්බන්ධයෙන් මහජනතාවට වඩාත් කාර්යක්ෂමව තොරතුරු ලබාදීම සහ විමසීම් කටයුතු පහසු කිරීම වෙනුවෙන් නව WhatsApp අංකයක් හඳුන්වා දීමට පොලිස් මූලස්ථානය පියවර ගෙන තිබේ.
නව WhatsApp අංකය: 071-859595 වන අතර මෙම අංකය WhatsApp පණිවිඩ සඳහා පමණක් සීමා වන බව පොලිස් මූලස්ථානය පවසයි.
අයදුම්කරුවන්ට අවශ්‍ය තොරතුරු WhatsApp පණිවිඩ මඟින් යොමු කිරීමට සහ පොලිස් නිෂ්කාශන අංශය සමඟ පණිවිඩ හුවමාරු කර ගනිමින් විමසීම් සිදුකිරීමට මේ WhatsApp අංකය හරහා පහසුකම් සැලසේ.














